ගෝල්ඩන් කී නඩුවට අදාළව සිසිලියා කොතලාවලට ජාත්‍යන්තර පොලීසිය හරහා රතු නිවේදනය නිකුත් කර ඇති රතු නිවේදනය සම්බන්ධයෙන් වන ප්‍රගතිය පිළිබඳව අගෝස්තු මස 12දාට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහිධිකරණ විනිසුරු දේවිකා ලිවේරාද තෙන්නකෝන් මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.
ගෝල්ඩන් කී නඩුව අද කැඳවීය. සිසිලියා කොතලාවල මේ වන විට විදෙස් ගතව සිටින අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයව අත්අඩංගුවට ගැනීමට අදාළ රතු නිවේදනයක් ජාත්‍යන්තර පෙලීසිය හරහා නිකුතර කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාතික විමර්ශණ ඒකකයේ ස්ථානාධිපතිවරයාට අදාළ වාර්තාව ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරිය නියෝග කළාය.