සිසිලියේ, ශ්‍රී ලංකා කල්ලියේ තවත් අයෙක් අත්අඩංගුවට
ඉතාලියේ දකුණු දිග සිසිලි දුපත්වාසී ශ්‍රී ලාකික ශ්‍රමිකයන් භීතියට පත්කරමින් ක්‍රියාත්මක වු ශ්‍රී ලාංකික මැර කල්ලියේ තවත් සාමාජිකයෙකු ඊයේ ( 26 දා ) අත්අඩංගුවට ගැනීමට සිසිලි මෙසිනා නගර පොලීසියේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තා කරයි.
	.jpg) 
සැකකාර මුතුකුඩ ආරච්චිගේ දොන් නිරෝෂණ දුෂ්‍යන්ත අප්පුහාමි නැමැති ශ්‍රී ලාංකික ශ්‍රමිකයා 32 හැවිරිදි පුද්ගලයෙකු බව ඉතාලි මාධ්‍යය වාර්තා කරයි. සිසිලියේ මෙසිනා නගරය හා අවට සේවය කරන ශ්‍රී ලාංකිකයන් බිය වද්දමින් පහරදෙමින් ඔවුන්ගේ දේපළ හා මුදල් කොල්ලකමින් සහ කප්පම් ගනිමින් ඔවුන් භීතියට පත්කරමින් ක්‍රියාත්මක වු මෙම කල්ලිය සම්බන්ධයෙන් පැමිණිලි11 ක් මෙසිනා පොලීසියට ලැබි තිබුණි.
ඒ අනුව පොලීසිය ඔවුන් කොටු කර ගැනීමේ සියුම් මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.එහි ප්‍රතිඵලයක් මත ශ්‍රී ලාංකික මැර කල්ලියේ නායකයා ඇතුළු සාමාජිකයන් අටදෙනෙකු ඉකුත් සතියේදී මෙසිනා නගරයේ නවාතැන්පළ වල ලැඟුම් ගෙන සිටියදී එරට පොලීසිය විසින්මීට ඉහතදී අත්අඩංගුවට ගත් බව වාර්තා වුණි.
මෙම කල්ලියේ තවත් ප්‍රබල සාමාජිකයෙකු ද අතුඅඩංගුවට ගත යුතුව ඇති අතර, ඔහු මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.
හලාවත සුපුන් හංසන
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                