www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
මුන්දලම, විජයකටුපොත විජය සිරිවර්ධනාරාම විහාරස්ථානයේ සිල් සමාදන් වූ පිරිසකට අද (10දා) එල්ල වූ බඹර ප්රහාරයකින් 70කට අධික පිරිසක් තුවාල ලබා හලාවත මූලික රෝහල, ආනවිලුන්දාව ග්රාමීය රෝහලට හා මුන්දලම ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි මුන්දලම පොලීසිය පවසයි.
විහාරස්ථාන භුමියේ තිබූ දැවැන්ත බඹර කූඩුවක් වෙත සිල් සමාදන්ව සිටි වෙනත් දරුවන් පිරිසක් විසින් එල්ලකළ ගල් ප්රහාර හේතුවෙන් බඹරුන් ඇවීස්සී මෙම බඹර ප්රහාරය එල්ල වී ඇති බවත්, බඹර ප්රහාරය එල්ල වන අවස්ථාවේ 400කට වැඩි උපාසික උපාසිකාවන් පිරිසක් සිල් සමාදන්ව සිටි බවත් පොලීසිය සඳහන් කරයි.
ඒ අවස්ථාවේ බඹර ප්රහාරයට ලක්වූ පිරිස බේරාගැනීමට විශාල පිරිසක් එක්වී ඇති අතර, එම පිරිසද බඹර ප්රහාරයට ලක්ව තිබේ.
මේ හේතුවෙන් විහාරස්ථානයේ ආගමික කටයුතුද තාවකාලිකව නවතා දැමිණි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd