ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ යුද පෙරමුණ විසින් ඊයේ (22දා) රාත්‍රියේ සිය ප්‍රථම ගුවන් මෙහෙයුම සිරියාවේ ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් ඉලක්ක කරමින් එල්ල කරන ලදී.
මෙම දැවැන්ත ගුවන් ප්‍රහාරය සඳහා ටොමාහෝක් ක්‍රෑස් මිසයිල, B1 බෝම්බ හෙලන යානා, F16, F18 සහ F22 ප්‍රහාරක යානා මෙන්ම, ඩ්‍රෝන ප්‍රහාරක යානාද ඇමෙරිකානු බලගනයට සම්බන්ධව ක්‍රියාත්මක වෙයි.
එමෙන්ම, ඒකාබද්ධ සන්ධානය ලෙස සෞදිය, බහරේනය, කටාරය, ජෝර්දානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල ප්‍රහාරක ශක්තියකද ඇමෙරිකානු යානා සමග සම්බන්ධ වෙමින් මීට එක්වී තිබේ.
මෙම ක්ෂණික හා දැවැන්ත ප්‍රහාරය සමග සුන්නි ඉස්ලාමීය අන්තවාදීන්ගේ බල කඳවුරක් වූ රක්ඛා නුවර එකම ගිනි ජාලාවක් බවට පත්වූ බව වාර්තා වෙයි.