IS ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් සතු සිරියාවේ අවසන් බලකොටුව ලෙස සැලකෙන රක්ඛා අත්පත් කරගැනීමේ මෙහෙයුම්වලදී එරට හමුදාවට සහායවීම සඳහා තවත් හමුදා සෙබලු 400ක් යැවීමට ඇමෙරිකාව කටයුතු කර තිබේ.
මෙම හමුදා කණ්ඩායමට මැරීන් භටයන්ද අයත් වන අතර, ඔවුන් පසුගිය දින කිහිපය තුළ සිරියාව වෙත ළඟා වී තිබේ.
දැනටමත් ඇමෙරිකානු විශේෂ බලකා සෙබලු රැසක් සිරියානු ඉදිරි ආරක්ෂක වළල්ලේ කටයුතු කරන අතර, ඔවුන් කුර්දි ජනයා ප්රමුඛ සිරියානු ප්රජාතන්ත්රතාවාදී හමුදාව වෙත උපදෙස් ලබාදෙමින් සිටියි.
මේ අතර, අද (09දා) ඒකා බද්ධ සන්ධානයේ ප්රහාරවලින් පුද්ගලයන් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙසේ මියගිය පිරිස අතර කුඩා දරුවන්ද සිටින බව විදෙස් වාර්තා පවසයි.
මෙම ඒකාබද්ධ සන්ධානයට ඇමෙරිකානු ගුවන් හමුදාවද අයත් වන අතර, ඔවුන් ඉදිරියේදී රක්ඛා නගරයේ ප්රධාන ඉල්කක වෙත පහර දීමට සූදානමින් සිටින බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි