සිරියාවේ රජයේ පාලනය පවතින ප්රදේශ හතරක් වෙත එල්ල කෙරුණු බෝම්බ ප්රහාර හේතුවෙන් පුද්ගයන් 40කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඩමස්කස්, හොම්ස්, ටාර්ටෝස් සහ හසාකේ යන නගර ආශ්රිතව අද (05දා) උදෑසන පැයක පමණ කාලයක් තුළ මෙම බෝම්බ ප්රහාර එල්ල වී ඇති අතර, ඒවායෙහි එකකට එකක් සම්බන්ධයක් පවතින්නේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත.
එහිදී, වඩාත් ප්රබලම ප්රහාරය ටාර්ටෝස් ආසන්නයේදී එල්ල වී ඇති අතර, මෙය රුසියානු නාවික කඳුවරක්ද පිහිටි නගරයක් ලෙස සැලෙකයි.
මේ අතර, නිවේදනයක් නිකුත් කරන IS ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානය පවසා ඇත්තේ හසාකේ හි කුර්දි සටන්කාමීන් ඉලක්ක කළ ප්රහාරය තම සංවිධානය විසින් එල්ල කරන ලද්දක් බවයි.