සිරිකොත පක්ෂ මූලස්ථානයේ සහ මාතර තම නිවසේ පවුල් ගසක් පිළිබඳ පොතක් තිබේදැයි සෙවීමට අධිකරණ නියෝග ලබාගෙන තිබෙන සී. අයි.ඩී.යට (CID) අරලියගහ මන්දිරය පරීක්ෂා කරන ලෙස තමන් යෝජනා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පැවසීය.
විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (04දා) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ ඒ මහතා සඳහන් කළේ, පවුල් ගසේ මල් ගෙඩි සියල්ල සී.අයි.ඩී.යට (CID) අරලියගහ මන්දිරය තුළදී පරීක්ෂා කළ හැකි බවයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවද මංගල සමරවීර මහතා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් මෙන්ම දේශපාලන කරුණු පිළිබඳව අවබෝධයක් ඇති අය එම ක්‍රියාදාමයෙන් ඉවත් වී ඇති හෙයින් මේ වනවිට ජනාධිපතිවරයාත් ඔහුගේ ඥාතීන් සහ කොටි සංවිධානයේ හිටපු ප්‍රධානීනුත් මැතිවරණ ව්‍යාපාරය මෙහෙවන බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් පළකළ මංගල සමරවීර මන්ත්‍රීවරයා,
&අද වනවිට උතුරු දකුණ නැගෙනහිර බටහිර සියලු ප්‍රාදේශ යාකරමින් ආගම් බේදයෙන්, ජාති බේදයෙන් පළාත් බේදයකින් තොරව මහා වේදිකාවක් නිර්මාණය වී තිබෙනවා. මේ වේදිකාවේ එක්සත් ජාතික පක්ෂය, ජාතික හෙළ උරුමය, රට බේරාගත් සමයේ නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා, හිටපු ජනාධිපතිනිය, නැගෙනහිර ප්‍රධාන මුස්ලිම් පක්ෂ දෙක, වතුකරයේ ප්‍රධාන දේශපාලන පක්ෂ, උතුරේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් හඬනගන ටී.එන් ඒ. පක්ෂය සිටිනවා. අනිවාර්යයෙන්ම මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකතුමා 56෴ කින් ජයග්‍රහණය කරලා මේ මාසේ 09 වැනිදා ජනාධිපති ධුරයට පත්වෙනවා.
නිදහසින් පසුව මේ රටේ නිර්මාණය වී තිබූ දේශපාලන සංස්කෘතිය මෙවර වෙනස් වෙනවා. එක පක්ෂයක් දිනුවාම අනිත් පක්ෂය විපක්ෂයට යනවා. එක්සත් ජාතික පක්ෂය අවුරුදු 17 ක් බලයේ සිටියාම එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් දුක් විඳිනවා අපි දැක්කා. අපට ඕන අලුත් දේශපාලන ප්රතිපත්තියකින් අලුත් දේශපාලන සංස්කෘතියකින් නව වැඩපිළිවෙළක් ආරම්භ කරන්න.
අද වනවිට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හුදකලා මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙය වන්නේ. දෙණියාය, හක්මන, අකුරැස්ස, මාතර වගේ ප්‍රදේශවල ජනාධිපතිවරයාගේ ඥාතීන් තමයි මැතිවරණ ව්‍යාපාරයේ නිරත වී සිටින්නේ. කොමිනියුනිස්ට් පක්ෂය වගේම සම සමාජ පක්ෂ දෙකට බෙදිලා. ජනාධිපතිවරයාට සහාය දෙන කොමියුනිස්ට් පක්ෂයේ පිරිසක් මාතර පෝස්ටර් ගහලා තිබෙනවා කොමිටුනිස්ට් අපි මෛත්‍රීට කියලා.
මේ ආණ්ඩුව අවුරුදු 12 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනියට, හිටපු ජනාධිපතිනියට මඩගහන්න පටන් අරන් මිස්ටර් ප්‍රබාකරන් කිව්වා කියලා. සිංහල මහා වංශයේ හැටියට සතුරටත් ගරුකරපු ඉතිහාසයක් අපිට තියෙන්නේ. දැන් ඒකෙන් දේශපාලන වාසි ගන්න හදනවා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයලා වටේ සිටින්නේ මහ කොටි නායකයෝ. එදා පොලීසියේ 600 ඝාතනය කරපු, අරන්තලාවේදී භික්ෂූන් වහන්සේලා මරා දමපු විනයාර්ග මුර්ති මුරලිදරන්ට ගරු තනතුරුක් දුන්නේ මේ ආණ්ඩුව. දැන් කරුනාට කියන්නේ ගරු ඇමතිතුමා කියලා. කථානායක චමල් රාජපක්ෂ මහත්තයාත් පාර්ලිමේන්තුවේදී කියන්නේ ගරු නියෝජ්‍ය ඇමතිතුමාට කතාවට විනාඩි දහයක් තිබෙනවා කියලා.
මේ වගේ ඝාතකයන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිකම් දීලා තමයි මේ වගේ කතා අපට කියන්නේ. කොටි සංවිධානයේ නායකයා වන කේ.පී. අද මහින්ද රාජපක්ෂගේ සමීපතයෙක් විදියට උතුරේ මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටිනවා. ඒ වගේම මට ආරංචියි අයි.සී.ඊ.එස්. කියන ජාත්‍යන්තර ඊලාම් සංවිධානය වගේම ගජේන්ද්ර පොන්නම්බලන් කියන අන්තවාදීන් දැන් උතුරේ ජනතාවට කියනවා උතුරේ ඡන්ද වර්ජනය කරන්න කියලා. අර 2005 දී වාසි ගත්තා වගේ මෙවරත් වාසි ගන්න.* යැයි පැවසීය.