මෙවර ශී‍්‍ර පාද වන්දනා සමය අදින්(22දා) අවසන් වේ. ශී‍්‍රපාද උඩමළුවේ අද (22) දහවල් පැවැත්වෙන විශේෂ පිංකමකින් පසු 2015 - 2016 ශී‍්‍රපාද වන්දනා වාරය අවසන් කෙරෙන අතර එම පිංකමෙන් අනතුරුව ශී‍්‍රපාද උඩමළුවේ තැන්පත් කර ඇති සාධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවල රාජමහා විහාරස්ථානය දක්වා වැඩම කරවීමට නියමිත බව ශී්රපාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසුහ.