සිරමැදිරියකින් සැකකරු පැනයයි - නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම්
අරණායක පොලීසියේ සිරමැදිරියේ සිටි සැකකරුවෙකු පසුගිය 26දා ඉන් පලා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (28දා) අරණායක පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් උප කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනමට ලක් කරනු ලැබ තිබේ. කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතා විසින් අදාළ නිලධාරීන්ගේ වැඩ තහනමට ලක් කොට ඇත.
දෙයියන්වල ප්රදේශයේ ගංජා ළඟ තබා ගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අරණායක පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් කටයුතු කර තිබුණි.
ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් සිරමැදිරියේ සිටියදී පසුගිය (26දා) රාත්රියේ පොලිස් ස්ථානාධිපතිවරයා පොලීසියේ නොසිටි අවස්ථාවක සැකකරු සිර මැදිරියේ දොර විවෘත කර පලා ගොස් තිබේ.
ඉන් අනතුරුව සහකාර පොලිස් අධිකාරිවරයාගේ නියෝගය මත මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව මෙම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබුණි.
ඉන් අනතුරුව පලා ගිය සැකකරු ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් කණ්ඩායමක්ද යෙදවීමට කටයුතු කරන ලෙස සහකාර පොලිස් අධිකාරිවරයා උපදෙස් ලබා දී තිබේ.
සමන්විජය බණ්ඩාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


