එක්සත් ජනතා නිදහස් සන්ධාන (එ.ජ.නි.ස.) මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා සිරකරුවන් යොදාගන්නා බව කැෆේ සංවිධානය පවසයි.
නිල් පැහැති රෙදිවලින් ජම්පර මසා අන්දවා සන්ධානයේ වේදිකා ඉදිකිරීම් සඳහා සිරකරුවන් යොදාගෙන තිබෙන බව පවසන කැෆේ සංවිධානය ඊයේ (14දා) මාතර කඹුරුපිටියේදී සිරකරුවන් 44 දෙනෙකු සන්ධානයේ වේදිකා ඉදිකිරීමට යොදාගත් බව සඳහන් කරයි.
එසේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සම්පත් විශාල වශයෙන් මෙවර මැතිවරණයට යොදාගෙන තිබෙන බවද කැෆේ සංවිධානය වැඩිදුරටත් කියයි.