මැතිවරණ ක්‍රමයක් නිර්මාණය විය යුත්තේ සමාජ විද්‍යාත්මක පදනම සලකා මිස ගණිතය අනුව ඉලක්කම් අනුව නොවන බව ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. මෙරට තුළ විවිධාකාරයේ ගොඩනැගුණු දේශපාලන ප්රවණතා තිබෙන බවත්, ඒ සියල්ලන්ටම පාර්ලිමේන්තුව විවරවන ඡන්ද ක්‍රමයක් සහිත මැතිවරණ ක්‍රමයක් සකස් වියයුතු බවත් දැනට ගැසට් කර ඇති මැතිවරණ ක්‍රම සංශෝධනය මගින් බහුපක්ෂ ක්‍රමයට දොරටු වසා ද්විපක්ෂ ක්‍රමයට දොරටු විවර කරන අවස්ථාවක් බවද හෙතෙම පෙන්වා දුන්නේ අද(23) පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ පැවැත්වු විවාදයට එක්වෙමිනි.