නමින් ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කර රාජපක්ෂ රෙජිමය ඒකාධිපති පාලනයක් කරා රට ගෙන යාම නිසා සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර් ඇතුළු සියලුම ජාතීන්ට නීතියේ රැකවරණය නැතිවී ගොස් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ඊයේ (16 දා) විපක්ෂ නායක කාර්යාලයේදී යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ සමග පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, එදා සිටි නායකයින් රට තුළ නීතිය රජයන සමාජයක් ඇතිකර සියලුම ජාතීන්ට නිදහසේ ආගම ඇදහීමට, සමගිව ඒකරාශී වී කටයුතු කිරීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී කාටත් එක හා සමානව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවය.