‘එක් තීරයක් – එක් මාවතක්’ ප්රයත්නය යටතේ සියළු රටවල් හා පාර්ශවයනට ජයග්‍රහණය හා ප්රතිලාභ හිමිවන අයුරින් සංවර්ධනය ඉදිරියට ගෙන යාමට ක්‍රියා කිරීම සඳහා අත්වැල් බැඳගන්නා මෙන් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං (XI Jinping) මහතා පැවසීය.
අද (14 දා) පෙරවරුවේ චීන ජාතික සම්මන්ත්රණ මධ්‍යස්ථානයේ දී එක් තීරයක් – එක් මාවතක් මහා සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ යහපත පොදුවේ බෙදා හදා ගනිමින්, සමබර ලෙස සංවර්ධනය මෙහෙයවීමේ වගකීම සියළු පාර්ශවයන් වෙත හිමි වන බවයි.
රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සියයකට අධික සංඛ්‍යාවක් සහ රටවල් 29 ක රාජ්‍ය සහ දේශපාලන නායකයින් මේ සමුළුවට සහභාගී වූ අතර, ඔවුන් අතර විශේෂ සාකච්ඡා වාරයන් හෙට දවස පුරා පැවැත්වීමට නියමිතය. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටියේය.
.jpg)