ශ්‍රී ලංකාවේ සියලු ආගමික සංවිධාන ලියාපදිංචි කිරීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ස්වෙච්ඡාවෙන් හෝ විවිධ අරමුදල් ප්‍රදානයක් හරහා ක්‍රියාත්මක සංවිධාන, රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ප්‍රජාව මූලික කර ගත් සංවර්ධන ව්‍යාපෘති ඉටු කරන සංවිධාන, ආගමික හෝ ප්‍රජා මූල සංවිධාන හරහා ජනතාව බල ගැන්වීමේ කාර්යයන්හි නියැළී සංවිධාන වේ නම්, බුද්ධ ශාසන හා ආගමික අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වන්නැයි එම අමාත්‍යංශය ඉල්ලා සිටියි.
මේ යටතේ ලියාපදිංචි වීමට කැමති සංවිධානයක් වේ නම් අමාත්‍යාංශයේ www.templeslk.org යන නිල වෙබ් අඩවියට පිවිස එහි ඇති ආගමික සංවිධාන ලියාපදිංචි කිරීම යන පෝරමය පුරවා එම සංවිධානයේ ලියාපදිංචිය තහවුරු කර ගත හැකිය.