රෝහල්වලට ඇතුළු කරන රෝගීන්ගෙන් සියයට 68ක් බෝනොවන රෝගවලට ලක්වූවන් බවත් ඊට පිළියම් ලෙස ශාරීරික සුවතා වැඩසටහන් ඉතා වැදගත් බවත් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ අද (27දා) පෙරවරුවේ පැවති ජාතික ක්‍රීඩා හා ශරීරික සුවතා වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය. මෙම අවස්ථාවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද එක්වූහ.