විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය යටතේ ඇති විෂයන් කිහිපයක් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයාට පැවරීමට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයට අදාළ සියලුම පාර්ලිමේන්තු කටයුතු සහ අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතනවල කම්කරු සබඳතා කටයුතු, සාම්පූර් ගල්අඟුරු ව්‍යාපෘති කටයුතු සම්බන්ධීකරණය, ලංකා විදුලිබල මණ්ඩලයේ ජනතා සැලැස්මට අදාළ සියලු සම්බන්ධීකරණ කටයුතු මෙලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා වෙත පවරා දී ඇත.