පොදු විපක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය සියක් දිනෙන අලුත් රටක් යන මාතෘකාව යටතේ හෙට (19දා) විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේදී එළි දක්වන බව පොදු විපක්ෂයේ සම මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවැසීය.
කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මෙම ප්‍රතිපත්ති ප්රකාශනයට දීර්ඝ කාලීන මෙන්ම කෙටි කාලීන වැඩ සටහන් රාශියක් ඇතුළත් බවයි.