සිමෙන්ති කිලෝ ග්‍රෑම් 50ක කොට්ටයක මිල රු.870/- දක්වා අඩු කිරීමට අදාළ සමාගම් පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේය.
මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (23දා) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම කරුණු අනාවරණය කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නිෂ්පාදිත කම්හල් වෙතින් රු.770/- කට සිමෙන්ති බෑගයක් ලබාගැනීමට දැන් අවස්ථාව ලැබී ඇති බවයි. එසේ ලබාදීමට එකඟ වන කර්මාන්ත ශාලාවලින් තමාගේම ප්‍රවාහන විධියක් යොදාගෙන එම සිමෙන්ති ලබාගත හැකි බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.