ජුනි පළමු වැනි දින සිට සමාගම් 05 ක් නිෂ්පාදනය කරන සිමෙන්ති කිලෝ 50 ක බෑගයේ මිල රුපියල් 60 කින් ඉහළ දැමූවද, ජුනි පළමු වැනි දිනට පෙර ඇසුරුම් කළ සිමෙන්ති තොගවලට එය අදාළ නොවන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
මීට අමතරව මිල ඉහළ දැමීමට ඉල්ලුම් කර ඇති අනෙක් සමාගම්වලට තවමත් අවසර ලබාදී නොමැති නිසා ඉහළ දැමූ මිල අදාළ වන්නේ ටෝකියෝ, හොල්සිම්, ඇල්ට්රාටෙක්, ලෆාජ් මහවැලි, සිංහ සමාගම්වලින් නිෂ්පාදනය කරන සිමෙන්තිවලට පමණක් බවද එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කළේය.
මේ අනුව මෙම සමාගම නිෂ්පාදනය කරන සිමෙන්ති කිලෝග්රෑම් 50 බෑගයක මිල රුපියල් 870 සිට රුපියල් 930 දක්වා ඉහළ ගොස් ඇත.