(VIDEO) ආණ්ඩුවට එකතු වී තනතුරු ලබාගත්තා යැයි කියා සිදුකළ දූෂණ සැඟවීමට නොහැකි බවත්, එලෙස සිදුකිරීමට ඉඩ නොදෙන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (04දා) පැවසීය.
ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී මේ බව කියා සිටිඅනුර කුමාර මහතා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මීගමුවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බේරාගත් බවද පාර්ලිමේන්තුවට කීය.
ඔහු වත්මන් ආණ්ඩුවට එක්වී නියෝජ්‍ය ඇමතිකමක් ලබාගත්තද, දූෂණ යට ගැසිය නොහැකි බව ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් විවාදය අතරවාරයේ නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසුවේ අනුර කුමාර මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ අයුරින් මීගමුවෙන් පැමිණි මන්ත්‍රීවරයා තමා බවත්, ඔහුගේ නිවසට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හෝ මහින්ද රාජපක්ෂ මහතා නොපැමිණි බවත්ය.
ඒ හේතුවෙන් අනුර කුමාර මහතාගේ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙසද ලන්සා අමාත්‍යවරයා කීය.
මෙම ප්‍රකාශයෙන් පාර්ලිමේන්තුව තරමක් උණුසුම් වූ අතර, තවදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා නියෝජ්‍ය අමාත්‍යවරයා,
“මගේ ගෙදරට නාකොටික් එකෙන් ඇවිල්ලා නෑ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ආවෙත් නැහැ. වැරදි මත රටට යවන්නේ නැතුව ඒ කතාව ඉල්ලා අස්කරගන්න* යනුවෙන් කියා සිටියේය.
එම අවස්ථාවේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඊට පිළිතුරු දෙමින්,
“මම බොහොම ප්‍ර‘වේශම් වුණා නම නොකියා ඉන්න. රටත් ඉතා හොඳින් දන්න එවැනි සිදුවීමක් වුණා. ඒ නිසයි මම කිව්වේ. කොටින්ම කියනවා නම් කුඩු අල්ලන්න ගෙදර ගියා. ජනාධිපති මහින්ද ගිහිල්ලා බදාගත්තා. නියෝජ්‍ය ඇමතිකම් ගත්තා කියලා, රජයට එකතු වුණා කියලා ඒවා වහන්න බැහැ* යනුවෙන් පවසා සිටියේය.
එමෙන්ම රටේ ආර්ථිකය විනාශ කළ කළු ආර්ථිකය මෙහෙය වූ නිලධාරීන් ඇතුළත් කර මංගල සමරවීර අමාත්‍යවරයා සැකසූ කළුපොත සභාගත කරන ලෙසද අනුර කුමාර දිසානායක මහතා ඉල්ලා සිටියේය.
එම කළු පොතෙහි සඳහන් පළමු නම වන්නේ වර්තමාන ජනාධිපති ලේකම්වරයාගේ නම බවත්, අදාළ පොත සභාගත කිරීමෙන් කළු මුහුණු කවුරුන්ද යන්න මුළු රටටම දැනගත හැකිවනු ඇති බවත් දිසානායක මහතා පවසා සිටියේය.
මෙහිදී අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ නිල රාජකාරිය නොකර දේශපාලනයට සම්බන්ධ වූ නිලධාරීන් පිළිබඳව එහි සඳහන්ව ඇති බවයි.
VIDEO