සීගිරිය පර්වතය නැරඹීම සඳහා ඔස්ට්‍රියාවේ සේවය කරන ශ්‍රී ලාංකික යුවලක් සමඟ මෙරටට පැමිණි ජර්මන් ජාතික පුද්ගලයෙකු අද(17 දා) පස්වරුවේ සිගීරි සිතුවම් ගුහාව තුලදී සිහිසුන් වීම හේතුවෙන් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සීගිරිය පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 72ක් පමණ වයසැති ඩිරක් මොන්ටර් නැමැති ඔස්ට්‍රියාවේ පදිංචි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.
සිදුවීම සම්බන්ධයෙන් සීගිරි පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.