සිගරට් මිල වැඩිකිරීමෙන් බීඩි භාවිතය වැඩි වූ බව බොරුවක්
සිගරට් මිල වැඩි කිරීම හේතුවෙන් බීඩි භාවිතය වැඩි වූ බවට ඇතැම් සමාජ ජාල මාධ්ය, වෙබ් අඩිවි ප්රකාශ කරන කරුණු අසත්ය බව සෞඛ්ය අමාත්ය රාජිත සේනාරත්න මහතා පවසයි.
සීමාවාසික වෛද්ය නිලධාරීන්ට සහ පශ්චාත් සීමාවාසික වෛද්ය නිලධාරීන් පත්වීම් ලිපි කිරීමේ උත්සවයට ඊයේ (28දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“බෝනොවන රෝග පාලනය කිරීම සදහා දුම්කොළ වගාව වසර 2020 වනවිට තහනම් කිරීමට රජය තිරණය කර තිබෙනවා. දුම්වැටි බදු සියයට 90 කින් වැඩි කිරිම සහ සිගරට් පැකට් තුළ රූපමය අවවාද සියයට 80 ක් ඇතුළත් කිරීම යහපාලන රජය ගනු ලැබු ක්රියාමාර්ග අතර වැදගත් වෙනවා.
නමුත් ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි ප්රකාශ කරනවා සිගරට් මිල වැඩි කිරිම හේතුවෙන් බීඩි භාවිතය වැඩි වී ඇති බව. එය බොරුවක්. එවැනි සංඛ්යා ලේඛණ මෙතෙක් සොයාගෙන නැහැ. නමුත් මම කියන්න කැමැතියි දුම්කොල සමාගම මුදල් ලබා දී මෙවැනි බොරු ප්රවෘත්ති සමාජ ජාලා වෙබ් අඩවිවල පළ කරනවා කියලා.
මම මේ පිළිබදව සොයා බැලුවා. දුම්කොළ සමාගම ඒ සදහා විශාල මුදලක් වැය කරනවා. එක ලිපියකට රුපියල් 150000 ක මුදලක් ගෙවා තිබෙනවා.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.


