සිගරට් පැකට්වල මතු පිටෙහි සියයට අසූවක් ආවරණය වන පරිදි සිගරට්වලින් වන හානිය දැක්වෙන රූපමය සහ ලිඛිත අවවාද ඇතුළත් කළ යුතු බව දැක්වෙන ගැසට් පත්‍රය අද (24) සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
දුම්බීම නිසා දරුවන් රෝගී වේ, දුම්බීම හදවත් රෝග ඇති කරයි, දුම්බීම පිළිකා සහ ලිංගික බෙලහීනතාව ඇති කරයි යන අවවාද අකුරින් මුද්‍රණය කිරීමට මෙම ගැසට් නිවේදනය අනුව නියෝග කෙරේ.
යොහාන් පෙරේරා