සිගරට්වලින් පිළිකා ඇති වන බව දැක්වෙන අවවාදාත්මක රූප හා වැකි ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණ සිගරට් පැකට්ටුවම පාහේ ආවරණය වන පරිදි සිදුකළ යුතු බවට ඉන්දියාව කියයි.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් පවසන්නේ නව නීති ප්‍රකාරව මෙම අවවාදාත්මක රූප හා වැකි වෙනුවෙන් සිගරට් පෙට්ටියෙන් 85% ක් වෙන්විය යුතු බවයි.
එහිදී, දුම්කොළ සමාගමේ ප්‍රචාරණය වෙනුවෙන් 15%ක් පමණක් වෙන්විය යුතු බව ඔහු කියයි.
මෙම නව රෙගුලාසි ලබන වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන බවත්, දුම්වැටි යනු මරණය හැර අනෙකක් නොවන බවත් එරට සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.
දැනට ඉන්දියාව තුළ මෙසේ අවවාදාත්මක රූප හෝ වැකි සටහන් වන්නේ සිගරට් පැකට්ටුවෙන් 20% ක ප්‍රමාණයක පමණි.
ඉන්දියාව තුළ පුරුෂයන්ට වැළඳෙන පිළිකාවලින් 50%කට පමණත්, කාන්තාවන් පෙළන පිළිකාවලින් 25%කට පමණත් හේතුව දුම්බීම බව මෑතදී එළිදැක්වුණු වාර්තාවකින් පෙන්වා දී තිබේ.
ඒ අනුව, දුම්බීම හා සම්බන්ධ ආබාධවලින් මියයන පිරිස අවම කිරීමේ පියවරක් වශයෙන් මෙම අවවාදාත්මක රූප හා වැකි සඳහා වෙන්වන කොටස වැඩි කිරීමටත්, එය ලබන අප්‍රේල් මාසයේ සිට ක්‍රියාවට නැංවීමටත් ඉන්දියාව සූදානම් වෙයි.