සිකා වෛරසය සමස්ත ඇමෙරිකානු කලාපය පුරාම පැතිර යාමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.
සාමාන්‍ය උණ තත්ත්වයක්, සන්ධි වේදනාවක් හා හිසේ කැක්කුමක් ආදී වශයෙන් සාමාන්‍ය රෝග ලක්ෂණවලින් ආරම්භ වන සිකා වෛරසය උතුරු හා දකුණු ඇමෙරිකානු මෙන්ම, කැරීබියානු කලාපයේ රාජ්‍යයන් 21ක් වෙත මේ වනවිටත් පැතිරී ගොස් තිබේ.
මදුරුවන් මගින් පැතිරෙන සිකා වෛරසයට ගොදුරුවන ගර්භිණී මවුවරුන්ට දාව උපදින දරුවන් නොවැඩුණු හිසක් හා මොළයක් සහිතව ඉපදෙන හේතුවෙන් මෙම රටවල කාන්තාවන්ට ගැබ් ගැනීම් පමා කරන ලෙසටද උපදෙස් ලබාදී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන පරිදි මෙම වෛරසයට මෙතෙක් කිසිදු ප්‍රතිකාරයක් හෝ එන්නතක් සොයාගෙන නොමැත.
සිකා වෛරසය පතුරුවන Aedes මදුරු විශේෂය කැනඩාව හා චිලිය හැරුණු විට සමස්ත ඇමෙරිකානු කලාපයේදීම හමුවන බව කියැවෙයි.
අප්‍රිකානු කලාපයෙන් ඇති වූයේ යැයි සැලකෙන සිකා වෛරසය 2015 මැයි මාසයේදී මුලින්ම බ්‍රසීලයෙන් වාර්තා විය.
ඇමෙරිකානු කලාපයේ ස්වභාවික ප්‍රතිශක්තිය අවම හේතුවෙන් වෛරසය පැතිරීම වේගවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.