සිංහලයා ප්‍රථම වතාවට පක්ෂ පාටවලට උඩින් තම ජාතිය,මව්බිම තබා ඇතැයි පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව පෙනී යන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාඅද(12දා) පැවසීය.
මෙය සිංහල දේශපාලන ගමන්මගේ අතිශයින්ම සුබ ලකුණක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
වත්මන් ආණ්ඩුව පමණක් නොව අනාගතයේ පත්වීමට නියමිත ආණ්ඩු සිංහලයාට රිදවමින්, සිංහලයා නොසලකා හැරීමට උත්සහ කළහොත් එම ආණ්ඩුවලට වරදින බව සිංහලයා මෙවර ලෝකෙටම හඬ නගා කියා තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල මහතා මෙම අදහස පළකළේය.