බොහෝ ප්‍ර‘දේශවල සිංහලේ නමින් ජාතිවාදට හේතුවෙන ස්ටිකරයක් බස් රථවල අලවමින් තිබෙන බැවින්, ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගෙන් ඉල්ලා සිටියි.
මෝටර්රථ දෙපාර්තමේන්තුවට පවතින නීතිරීතිවලට අනුව බස් රථවල ඉදිරිපස සහ පසුපස ස්ටිකර් ඇලවීම සපුරා තහනම් බවත්, මේ නිසා අදාළ ස්ටිකර් අලවන පුද්ගලයන්ට එරෙහිව පොලීසියට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
හෙතෙම මේ බව පැවසුවේ අද (28දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
ස්ටිකරයේ වගකීම උදය ගම්මන්පිල මහතා භාරගන්නා බවට වාර්තා වන බවත්, මේ නිසා මගී ප්‍රවාහන බස් රථවල මෙම ස්ටිකරය ඇලවීම නතර කර උදය ගම්මන්පිල මහතාගේ රථවල ස්ටිකරය අලවා ගන්නා ලෙසද එම සංගමය ඉල්ලා සිටියි.