මේ දිනවල පැතිර යන සිංහ ලේ රැල්ල වැළැක්වීමටත්, ඊට සම්බන්ධ පුද්ගලයන් හෙළිකිරීමටත් ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය. රජය එසේ නොකරන්නේ සිංහ ලේ රැල්ල ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුව වීම හේතුවෙන් යැයි හිටපු පා.ම. මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.
එසේම ජාතිවාදය වළක්වාලීමට රජය කටයුතු කළ යුතු බවත්, ජාතිවාදයට සහාය දීමෙන්ද වැළකී සිටිය යුතු බවත් හිටපු මන්ත්‍රීවරයා අද (07දා) කොළඹදි පැවති මාධ්‍ය හමුවකදීය.
සිංහ ලේ යන නාමය මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින අතර ඇතැම් පිරිස් එය යොදාගෙන ජාතිවාදය ඇවිස්වීමටත් උත්සාහ කරයි. තරුණයෙකු සිංහ ලේ යනුවෙන් වන පච්චයක් සිය ශරීරයේ ඇදගෙන තිබූ අතර ඒ හරහා මෙම වැකිය ප්‍රසිද්ධියට පත්විය. කෙසේ වෙතත් එම තරුණයා පැවැසුවේ එය තමාගේ හිතට ආ අදහසක් අනුව සිදුකළ බවයි.