ලී ක්වාන් යූ ගේ දේහයට ගෞරව දැක්වීම සඳහා වූ පෝලිමට තවදුරටත් එක් නොවන ලෙස බලධාරීන් විශේෂ ඉල්ලීමක් කර ඇති බව සිංගප්පූරුවෙන් වාර්තා වෙයි.
සිකුරාදා වනවිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත පිවිස සිය ජාතියේ පියාට ගෞරව දැක්වීම සඳහා පෝලිමේ පැය 9කට අධික කාලයක් රැඳී සිටීමට සිදුවනු ඇති බව බලධාරීන් පවසා තිබුණි.
ඒ වනවිට 250,000කට අධික ජනතාවක් සිය අසහාය නායකයාට ගෞරව දක්වා තිබුණි.
91 වැනි වියෙහි පසුවූ ලී ක්වාන් යූ පසුගිය සඳුදා දිනයේදී අභාවප්රාප්ත වූ අතර, ඔහු වෙනුවෙන් වූ රාජ්ය ආදාහන උත්සවය හෙට පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම ආදාහන උත්සවය වෙනුවෙන් ලොව පුරා රාජ්ය නායකයන් රැසක් සහභාගි වීමට නියමිත බවද කියැවෙයි.