සිංගප්පූරුවේදී ෆොන්සේකා මංගල හමුවෙයි
- පොදු අපේක්ෂකයා පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක්
- මංගලගේ සහාය පොදු අපේක්ෂකයාට
- මංගල අද දිවයිනට
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සහ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (11දා) දහවල් සිංගප්පූරුවේ දී සිදු වූ බව 'අද' පුවත්පතට වාර්තා වෙයි.
ඊයේ දහවල් දිවා භෝජනය සමගින්ම පැවති මෙම සාකච්ඡාව පැය දෙකකට වඩා කාලයක් පැවති බවත් එහි දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන්වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම බාධාවක් නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා වෙත ලබා දී තිබූ තීන්දුව පිළිබඳව හා විපක්ෂයේ පොදු අපේක්ෂකයා පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවද වාර්තාවේ.
මේ අතර, මංගල සමරවීර මහතා එංගලන්තයේ කෙටි සංචාරයක් සඳහා සූදානමින් පසු වූවද එම සංචාරය මේ වන විට අවලංගු කර ඇති බවත් ඔහු අද රාත්‍රියේ දී යළි ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇති බවද වාර්තාවේ. මංගල සමරවීර මහතා එසේ පැමිණි පසු ආණ්ඩුවට එක් නොවනු ඇති බවත් ඔහු පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය ලබා දෙනු ඇති බවත් මංගල සමරවීර මහතාට සමීප ආරංචි මාර්ග මගින් 'අද' පුවත්පතට දැන ගැනීමට තිබේ.මේ අතර සරත් ෆොන්සේකා මහතා සිංගප්පූරුවේ දී වෛද්‍ය පරීක්ෂණ කීපයකට යොමු වීමට නියමිත අතර ඉන් පසුව මේ සති අන්තයේ දී යළි දිවයිනට පැමිණීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

