තමන් සිංගප්පූරුවේදී හෘද සැත්කම් ශල්‍යකර්මය සිදු කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බවත් එසේ කිරීමට සිදුවූයේ ආරක්ෂක හේතූන් මත බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අනුරාධපුරයේ ඊයේ (07දා) පැවැති උත්සවයකදී ඔහු එසේම තමත් පසු තත්ත්වය පරීක්ෂා කිරීම සඳහාද සිංගප්පූරු මවුන්ට් එලිසබෙත් රෝහලට ගිය බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
එසේම තමන්ව අමාත්‍යධුරයෙන් ඉවත් කිරීමට අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාට නොහැකි බවත් ඔහු සිටින්නේ තමන්ගේ ආණ්ඩුවක බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
" අපි හදපු ආණ්ඩුවේ තමයි එතුමාත් ඇවිත් වාඩිවෙලා ඉන්නේ. එක කකුළක් එක පැත්තක, අනෙක් කකුළ අනෙක් පැත්තෙත් තියාගෙන අපි වැඩ කරන්නේ නැහැ. මම සෘජුව කථා කරනවා.”