සිංගප්පුරු විදේශ අමාත්‍ය කේ. ශන්මුගම් මහතා නිල සංචාරයක් සඳහා අද (02දා) දිවයිනට පැමිණියේය. මෙම සංචාරයේදී ශන්මුගම් මහතා ලබන 05 දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.
සිංගප්පුරු විදේශ අමාත්‍ය කේ. ශන්මුගම් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ජා පැවැත්වීමට නියමිත අතර, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මුණගැසී සාකච්ජා කිරීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
මෙහිදී සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබෙන බව පැවසෙයි. සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා මෙරට රැඳී සිටින කාලය තුළ රජයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සමගද සාකච්ජා පැවැත්වීමට නියමිත බව විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.