ත්‍රිකුණාමලයේ සාම්පූර්හි ඉදිකෙරෙන ඉන්දියානු තාප විදුලි බලාගාරය සඳහා ඉඩම් අක්කර 818 ක් ලබාදීමට රජය පියවර ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය තරයේම විරුද්ධ බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කියයි.
ඊයේ (17දා) දහවල් යාපනයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
එසේම සාම්පූර්හි මහජනයාට අහිමි වූ ඉඩම් මෙන්ම රජය විසින් අත්පත් කරගත් සියලු ඉඩම් රජය සමග සාකච්ඡා කොට ආපසු ලබාගැනීමට කටයුතු කරන බවද ඔහු පැවැසීය.
උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් රජයේ අවශ්‍යතාවයන්ට ලබාගැනීමේදී සෑම රජයක්ම අත්තනෝමතිකව කටයුතු කොට ඇති බවත් එම හිතුවක්කාර තත්ත්වය නතර කිරීමට වහාම පියවර ගතයුතු කාලය එළඹ ඇතැයිද පැවසීය.