සැබෑ බණ්ඩාරනායක ප්රතිපත්තියනම් පක්ෂය කැඩීමබව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලෙකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂය කඩලා නව දෙනෙක් එක්ක එළියට ආවෙ නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවෙනවද?අනේ මම ඩී.එස්.සේනානායක මහත්තයා එක්ක එකතුවෙලා හදාගත්තු පක්ෂය.මේක කොච්චර දේශද්‍රෝහී ගමනක් ගියත්,පටන් ගත්තුතැන මම ඉන්නවාය,කොච්චර රටට විරුද්ධව වැඩකළත්,ධනපතියන්ගේ පැත්ත කොච්චර ගත්තත්,හදාගත්තු පක්ෂය කඩාගන්න හොඳ නෑ කියලා බණ්ඩාරනායක මහත්තයා හිතුවානම්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන දේශප්‍රේමී ප්රගතිශීලී දේශපාලන ව්‍යාපාරය බිහිවෙන්නෙ නෑ.;
තමන් ඉන්න පක්ෂයෙන් රටට ජනතාවට යුතුකම ඉටුනොවන විට ඒක කඩාගෙන ඇවිත් නව දේශපාලන ව්‍යාපාරයක් ගෙන ඒම තමයි බණ්ඩාරනායක ප්‍රතිපත්තිය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය.ඒක ජනතාවත් අනුමත කළා.1951 එක්සත් ජාතික පක්ෂය කඩාගෙන එළියට ආවම වසර 05ක් යන්න කලියෙන් බණ්ඩාරනායක මහත්තයාට මේ රටේ අගමැතිකම දෙන්න ජනතාව කටයුතු කළා.පක්ෂ කැඩීම බණ්ඩාරනායක ප්‍රතිපත්තිය.ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න වෙන්නේ රටවෙනුවෙන්නම්,ජනතාව වෙනුවෙන්නම්,රටේ ඉදිරි ගමන වෙනුවෙන්නම් ඒගැන කාටවත් පැකිළෙන්න දෙයක් නැහැ කියලයි අපි විශ්වාස කරන්නේ” යනුවෙන් පවසා සිටියේය.