සැබෑ ජනමතය නියෝජනය වන්නේ මහින්ද රාජපක්ෂ හෝ මෛත්‍රීපාල සිරිසේන යන ධනපති අපේක්ෂකයන් ළඟ නොව වමේ පෙරමුණ තුළ බව වමේ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණට ඉදිරිපත් වී සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා පැවසීය
වමේ පොදු අපේක්ෂකයා ලෙස තෝරාගැනීමෙන් පසු අද (27දා) පෙරවරුවේ කොළඹදී ප්‍රථම ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ, ආරම්භ කළ ගමන් මාර්ගය දුෂ්කර එකක් බවත්, එය උඩුගං පිහිනීමක් ලෙස සැලකිය හැකි බවත්ය.
රටේ ප්‍රධාන ධනපති දේශපාලන පක්ෂ දෙකෙහි බාධා කිරීම් මධ්‍යයේ මෙම ගමන යාමට සිදුව ඇති බවත්, ඒ වෙනුවෙන් ප්රචාරක කටයුතු ආරම්භ කර ඉදිරියේදී නාමයෝජනා භාරදීමට බලාපොරොත්තු වන බවත්, දුමින්ද නාගමුව මහතා ප්‍රකාශ කළේය.
අද දිනයේදීම දුමින්ද නාගමුව මහතා ඇතුළු වමේ පොදු අපේක්ෂකයා සහාය දක්වන දේශපාලන පක්ෂවල නියෝජිතයන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මුණගැසී වමේ පෙරමුණ ලියාපදිංචි කිරීමට අදාළ සාකච්ඡාවට එක්ව තිබුණි.
එසේම මේ සතිය ඇතුළතදී පක්ෂයේ සලකුණ කුමක්ද යන්න ප්‍රසිද්ධ කළ හැකි බවද දුමින්ද නාගමුව මහතා සඳහන් කළේය.