මහජනතාව සැකකරුවෙකු මෙල්ල කිරීමට යාමේදී හෝ පොලීසිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී මහජනතාවට ප්‍ර‘කෝපකාරී ලෙස හැසිරිය නොහැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
සැකකරුවෙකු මෙල්ල කිරීමට යෑමේදී මහජනතාවට කිසිවිටෙකත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් සැකකරුට පහරදීමට හැකියාවක් නොමැති බවත්, එවැනි කටයුතු සිදුකළ හොත්, එම පුද්ගලයාට හෝ කණ්ඩායමට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක විය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.