පොලිස් අත්අඩංගුවේ සිට සැකකරුවෙකු එයින් පැනගොස් තිබෙන බව වාර්තාවෙයි.
වරකාපොළ නගරය ආසන්නයේදි මෙම සිදුවිම සිදුව තිබෙනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන වෑන් රථයකින් රැගෙන යමින් සිටියදී සැකකරු පැනගොස් තිබෙන බව වාර්තාවෙයි.
වෑන් රථය නවතා තිබියදි එහි වීදුරුවකින් ඔහු පැනගොස් තිබෙනවා.
පැනගිය සැකකරු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.