කොස්ගම සාලාව ප්රදේශයේ යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීම හේතුවෙන් ඇතිවූ සුන් බුන් ඉවත්කිරීමේ මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක වෙමින් තිබේ. ඒ අවට ප්රදේශයේ නිවෙස්වලින් තවමත් දුම් පිටවෙන අයුරු පෙපෙන්නට තිබේ.
සිද්ධියෙන් සිදු වූ විනාශය බැලීම සඳහා ප්රදේශවාසීන් මෙන්ම පිටස්තර පුද්ගලයින්ද සාලාව ප්ර දේශයට පැමිණෙන අතර එසේ පැමිණීමෙන් වළකින ලෙසට ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ප්ර දේශ කිහිපයක පමණක් ආරක්ෂාව තහවුරු කර ඇතැයිද ඉතිරි ප්රදේශ වලද ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසුව ජනතාවට පැමිණිය හැකි බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.
චාමර සම්පත් හා ශමීර රාජපක්ෂ සාලාව ප්රදේශයේ සිට