සාලාව යුද හමුදා කඳවුරේ සිදු වූ ගින්න නිසා නිවාස හා දේපල හානියට පත් පවුල් 47 ක පුද්ගයන් 167 දෙනෙක් අද (07 දා) යළි අත්තනගල්ල රාජ මහා විහාරස්ථානයට පැමිණියහ.
කොස්ගම ධර්මග්‍රාම, හා ආනන්දගම පදිංවිව සිට අවතැන්වූ පිරිසක් ඇදිවත ඇතිව පමණක් සහිතව යළි පැමිණ සිටින අතර මෙම පිරිස වෙනුවෙන් අවශ්‍ය සියලූ පහසුකම් සැලසීමට අත්තනගල්ල අරහත්ත රාජ මහා විහාරාධිපති මහෝපාධ්‍යාය පන්නිල ආනන්ද හිමියෝ කටයුතු කළහ.