සාලාව කඳවුරු භූමියේ පතොරම් ගබඩාව පිපිරීයාමෙන් පතොරම් කැබලි විසිරී ගිය ප්‍ර‘දේශවල තිබූ ළිං 392ක් සුද්ධ පවිත්රකර අවසන් කළ බව යුද හමුදාව සඳහන් කරයි.
ප්‍රදේශයේ ළිං 396ක් තිබෙන බවත්, ඉන් 04ක් භාවිතයට නොගන්නා බවත් ඔහු පවසා සිටියේය. යුද හමුදාව විසින් සුද්ධ පවිත්‍ර කරන ලදළිංවල ජලය භාවිතයට ගැනීමට සුදුසු බවට සෞඛ්‍ය අංශ සහතික කර තිබෙන බවත්, මේ නිසා එම ජලය භාවිතයට ගත හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
ඡායාරූපය බිමල් ශ්‍යාමන්