සාලාව අවි ගබඩාව පිපිරී යෑමෙන් අවතැන් වූ ජනතාවට සහන සලසන ලෙසට මානව හිමිකම් කොමිසම අතුරු වාර්තා නිර්දේශ ක්රියාත්මක නොකිරීමට එරෙහිව අද (23දා) මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව සඳහන් කරයි.
අවි ගබඩාව පිපිරිමට ලක්ව මාස 15කට අධික කාලයක් ගතවී තිබෙන බවත්, එහෙත් විපතට පත් විශාල පිරිසකට නිසි ලෙස වන්දි මුදල් ලබාදී නොමැති බවත් එම සංවිධානයේ ලේකම් චන්දන සූරිය ආරච්චි මහතා සඳහන් කළේය.
වන්දි ලබානොදීම පිළිබඳ ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බවත්, ඉන් පසු වන්දි ලබාදෙන ලෙස මේ වසරේ මාර්තු 29 වැනිදා අතුරු වාර්තාවක් නිකුත් කළ බවත් හෙතෙම පවසා සිටියේය.
අතුරු වාර්තාවේ නිර්දේශ ක්රියාත්මක කිරීමට හෝ බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බවද ලේකම්වරයා පවසා සිටියේය.