සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතාවගෙන් අතිමහත් බහුතරයකට මේ වනතෙක් සාධාරණයක් ඉටුකර නොමැති බව සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපත පත් ජනතා එකමුතුව සඳහන් කරයි.
පසුගිය වසරේ ජුනි 05 වැනිදා සිදුවූ මෙම පිපිරීම හේතුවෙන් පවුල් 2,000 කට අධික පිරිසක් විපතට පත්වූ නමුත් මෙතෙක් ඉන් බහුතරයකට සාධාරණයක් ඉටුකර නොමැති බවද එම සංගමයේ ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් මේ පිළිබඳව හෙට (29දා) ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවද හෙතෙම පවසා සිටියේය.