කොස්ගම සාලාව යුද හමුදා කදවුරෙහි අවි ගබඩාව පිපිරීමෙන් විනාශවූ උප්පැන්න, විවාහ, අධ්‍යාපන ආදී සහතික ඇතුළු ලිය කියවිලි ලබාගැනීම සඳහා සති තුනක ජංගම සේවයක් ක්‍රියාත්මක කරන බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.
අද (12) සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී අමාත්‍යවරයා මේබව පැවසූ අතර වසා දමා තිබූ සාලාවේ සියලු පාසල් සඳුදා (13) විවෘත කරන බවත් කීය.
තිබෙන ඇඳුමක් හැඳ එදිනට පාසල් පැමිණෙන ලෙස සියලු සිසුන්ගෙන් ඉල්ලීමක් කරන බව ද පාසල් සිසුන් සඳහා සඳුදා යුද හමුදාව පාසල් උපකරණ කට්ටල බෙදා දීමටද නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.