කොස්ගම සාලාව කඳවුරේ අවි ගබඩාව පිපිරීමෙන් හානියට පත් නිවාස අලුත්වැඩියා කිරීමේදී අද (14දා) සිට එම ප්‍රදේශය කලාප පහකට බෙදා බ්‍රිගේඩියර්වරුන් පස් දෙනෙකුගේ අධීක්ෂණය යටතේ නිවාස අලුත්වැඩියා කටයුතු සිදුකරන බව හමුදා මාධ්‍ය අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කළේය.
මෙම එක් කොට්ඨාසයකට නිවාස 100 ක් පමණ අයත් වන බවත්, මේ අතරින් දිනකට නිවාස 50කට වඩා අලුත්වැඩියා කර බාරදීම යුද හමුදාවෙන් අරමුණ වී ඇති බවත් ජයවීර මහතා පැවසීය.
එමෙන්ම කඳවුරු භූමියේ සිට කිලෝමීටර් දෙකක වපසරියකින් යුතු භුමි ප්‍රදේශයේ දකුණ, නිරිත සහ ගිනිකොණ ප්‍රදේශවල සියලුම පතොරම් කොටස් කැබලි සියල්ලක්ම පිරිසුදු කර අවසන් බවත්, අද (14දා) දහවල් වනවිට වයඹ, උතුර සහ ඊසාන දිශාවන්හි පිරිසුදු කිරීම් සිදු කිරීමට නියමිතව ඇති බවත් ජයවීර මහතා පැහැදිලි කළේය.
එමෙන්ම මෙම කිලෝමීටර් දෙකක වපසරිය සම්පූර්ණයෙන්ම පිරිසුදු කර අවසන් වූ පසු කිලෝමීටර් තුන හතර වපසරියේ පිරිසුදු කිරීම් ආරම්භ කරන බවද ජයනාත් ජයවීර මහතා කීය.
තවද ඊයේ (13) දිනය වනවිට නිවාස 118 ක අලුත්වැඩියා කිරීම් සිදු කිරීමට හැකි වූ බවත්, යුද හමුදා බවුසර් යොදා ගනිමින් ප්‍රදේශයේ ළිං සියල්ලම පාහේ පිරිසුදු කිරීමට හැකි වූ බවත් හෙතෙම සඳහන් කළේය.
අදාළ පිපිරීමෙන් බලපෑම් ඇති වූ හෝමාගම අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 20 ක සිසු සිසුවියන් 1349 දෙනෙකු සඳහා අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩපිළිවෙළක් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි ඊයේ (13දා) ආරම්භ කළ බවත්, එමෙන්ම පාසල් සිසු සිසුවියන්ට නිල ඇඳුම් නොමිලයේ මසාදීමේ ව්‍යපෘතියක්ද සිදුකරන බවත් ඒ මහතා කියා සිටියේය.
එමෙන්ම ජනතාවට තාවකාලිකව නවාතැන් ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට කූඩාරම් යුද හමුදාව මගින් ලබා දී ඇති අතර, යුද හමුදා ජංගම වෛද්‍ය සේවාවද තවදුරටත් ක්‍රියාත්මක වේ.