කොස්ගම, සාලාව හමුදා කඳවුරේ ආරක්ෂාව බිද වැටීම පිළිබඳව තමා පුදුමවන බවත් සිද්ධියෙන් විනාශ වූ නිවාස යළි ඉදිකර දෙන බවට ආණ්ඩුව දුන් ප්රතිඥාව අගය කරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.
සාලාව හමුදා කඳවුරේ පිපිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි. යුද්ධය පැවැති කාලයෙදී මෙවැනි සිදුවීම් සිදු වූවානම් යුද්ධය තාවකාලිව හෝ නතර කිරීමට සිදුවනු ඇති බවත් ඔහු සිය නිවේදනයෙන් කියයි.