කොස්ගම - සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාවේ සිදූ වූ පිපුරුම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 50 ට වැඩි පිරිසකගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අදාළ සිද්ධිය පිළිබඳව අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කෙරෙන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මේ පිළිබඳ වෙනමම පරික්ෂණයක් සිදු කරනු ලබයි.
සිද්ධිය ඇති වූ අවස්ථාවේදී හමුදා කඳවුර තුළ සේවය කරමින් සිටි හමුදා සාමාජිකයින්ගෙන් පමණක් මෙම ප්රකාශ ලබාගෙන ඇති අතර කෙසේ වෙතත් සාලාව හමුදා කඳවුරේ සිදු වූ පිපිරිම පිළිබඳ ස්ථානීය පරීක්ෂණ ලබන සතියේදී ආරම්භ කරන බව වාර්තාවේ.