සාලාව හමුදා කඳවුරේ පිපුරුම සම්බන්ධ පරීක්ෂණවලින් යුද හමුදා බුද්ධි අංශ ඉවත් කර ඇත්තේ යම් කිසි කාරණයක් හංගා ගැනීමේ අදහසින් දැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
කොළඹදී අද (07දා) පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"යුද හමුදා බුද්ධි අංහ මෙම පරීක්ෂණ සඳහා සම්බන්ධ කරගැනීමේ වරද කුමක්ද? ඇයි ඔවුන් එම පරීක්ෂණවලින් අයින් කරන්නේ? ඒ කියන්නේ ආණ්ඩුවට හංගා ගැනීම සඳහා යම්කිසි කරුණක් තිබෙන බවද? ආණ්ඩුවට මෙතන හංගන්න දෙයක් නැත්නම් කළ යුතුව තිබෙන්නේ යුද හමුදා බුද්ධි අංශය ඇතුළුව සියලුම බුද්ධි අංශ මෙම කටයුත්ත සිදුවූ ආකාරය ගැන පරීක්ෂණවලට සම්බන්ධවීමට අවස්ථාව ලබාදීමයි.
එසේ නොකොට යුද හමුදා බුද්ධි අංශ මෙම පරීක්ෂණවලින් ඉවත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඔවුන් මෙම පරීක්ෂණවලට සම්බන්ධ වුවහොත් හංග ගන්න තියෙන දෙයක් එළියට එන එක වළක්වා ගන්නා එකද වුවමනාව මෙතන අවුරුදු 20 ක් විතර පාවිච්චි කරන්න පුළුවන් අවි ගොඩ ගහලා තිබුණා. ආරක්ෂක හමුදාවේ අවි බලයට සිදුවූ හානිය සුළුපටු නැහැ" යනුවෙන් හෙතෙම පවසා සිටියේය.