සාලාව හමුදා කඳවුර ආශ්රිත ප්‍රදේශයේ ජලයෙහි රසායන සංයුතිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ජල සම්පත් මණ්ඩලය පැවසීය.
ජංගම රසායනාගාර යොදා ගනිමින් එම පරීක්ෂණ සිදු කෙරෙන බව ත් සිදු කළ පර්යේෂණයේ ප්‍රතිඵල අනුව ප්‍රදේශයේ ජලය පරිභෝජනයට සුදුසු මට්ටමක පවතින බව ද එහි සභාපති සුල්ෆිකාර් කාදර් මහතා පැවසුවේය.
මේ අතර මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර දූෂණ පාලන අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය සන්ජය රත්නායක මහතා පැවසුවේ, සාලාව හමුදා කඳවුර ආශ්රිත ප්‍රදේශයෙන් ලබා ගත් ජල සාම්පල මේ වන විට විශ්ලේෂණය කරමින් පවතින බව ය.