ජාතික ආරක්ෂක මණ්ඩලය විසින් සාලාව යුද හමුදා කඳවුරේ පතොරම් ගබඩාවේ සිදුවූ පුපුරා යාම පිළිබඳව විමර්ශනය කිරීමට යුද හමුදා මූලික පරීක්ෂණ උසාවියක් පත් කළ යුතු බව තීරණය කර තිබේ.
මෙම තීරණයට අනුව අදාළ සිදුවීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා මූලික පරීක්ෂණ උසාවියක් පත් කරන ලෙස යුද හමුදාධිපතිවරයාට උපදෙස් ලබාදී ඇත.
මේ අනුව ඉදිරියේදී මූලික පරීක්ෂණ උසාවියක් පත් කිරීමට කටයුතු කිරීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය සඳහන් කරයි.