ගිනස් වාර්තාවක් තැබීම සඳමා විවාහ උත්සවයක මනාලියගේ කිලෝමීටර් 3.2ක් දිග ඔසරි පොට එසවීම සඳහා පාසල් සිසුන් 250ක් යොදා ගැනීමේ සිදුවීමෙන් මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා නිදහස් කර තිබේ. ඒ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදීය.
පාසල් සිසුන් එම සිද්ධිය සඳහා යොදා ගැනීමේ වගකීම පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ බවත් ඇය සඳහන් කළාය. සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියත් මේ වන විට පරික්ෂණ පවත්වයි.